JUN
16
අල්ලස් ගත් ධාවන කළමනාකරුවකු අත්අඩංගුවට

ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමනාකරුවකු අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ රියදුරෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අදාල වැටලීම සිදුකර ඇත.
අදාල රියැදුරුව පානදුර ඩිපෝවෙන් පිටත මාර්ගයක රියදුරු රාජකාරියේ යෙදවීම සඳහා රුපියල් 15,000ක මුදලක් පානදුර ශ්‍රී ලංගම ඩිපෝව පරිශ්‍රයේදී අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
255 Views
Comments