පොලීසියේදී පිහි ඇනුමක්

පවුල් ආරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් බකමූණ පොලීසියේදී විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපවී වගඋත්තරකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
එහිදී වගඋත්තරකරු සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග පැනගොස් ඇතැයි කියමින් බකමූණ පදිංචිකරුවෙකු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණිලිකරු සහ විත්තිකරුවන් දෙදෙනෙකු පොලීසියට කඳවා තිබූ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තාවී තිබේ.
කාන්තා හා ළමා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු එකවරම ඔහු සඟවාගෙනවිත් තිබූ තියුණු ආයුධයෙන් මෙම පහරදීම සිදුකර ඇත.
265 Views
Comments