කූඨ ලේඛන සැකසූ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් නාරාහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

ඊයේ (01) දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව් අසල පිහිටි ස්ටූඩියෝ ආයතනයක සිදුකරගෙන ගිය කූඨ ලේඛන සැකසූ ස්ථානයක් වැටලීමේ දී අදාළ සැකකරුවන් හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහි තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල නීතිඥවරුන්ගේ සහ සමාදාන විනිසුරුකරුවගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 260ක්, ව්‍යාජ ලෙස සකස්කරමින් තිබූ රක්ෂණ කාඩ්පතක්, ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් 3ක්, ව්‍යාජ ලේඛන සැකසීමට දත්ත ගෙන්වා ගත් දත්ත ඇතුළත් ජංගම දුරකථනයක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 31 සහ 70 යන වයස් සීමාවල පසුවන්නන් බව පොලීසිය පැවසීය.

 

මොවුන් අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

265 Views

Comments

arrow-up