විවාහ මංගල්‍යයක් නිසා උසාවියක් වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

විවාහ මංගල්‍යයක් නිසා උසාවියක් වැසෙයි

විවාහ මංගල්‍යයක් නිසා උසාවියක් වැසෙයි

අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන්  ඊයේ (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 6 අධිකරණය වසා දමා ඇති අතර එම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව මහත් අසීරුතාවට පත්ව තිබේ.

 

එම අධිකරණයේ රාජකාරී කරන සියලුම දෙනා යතුරු ලේඛිකාවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

 

ඊයේ අදාළ අධිකරණ ශාලාව ඉදිරිපිට ‘‘අද දින අංක 6 අධිකරණයේ මෝසම් නඩු නොකැඳවන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි. අධිකරණයේ අණ පරිදි’’ යනුවෙන් සඳහන් දැන්වීමක්ද අලවා තිබෙනු දක්නට ලැබිණ.

 

මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්ගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අංක 6 අධිකරණයේ කාර්යය මණ්ඩලය නිවාඩු දමා විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් ඇති බව තමා දන්නා බවය.

 

සාමාන්‍යයෙන් උදෑසන 9 ට පෙර අධිකරණය වෙත මෝසම් ගොනු කළ යුතු වුවත් මෙම තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ පෙරවරු 11 දක්වා මෝසම් ගොනු කිරීමට නීතිඥවරුන්ට අවස්ථාව සලසා තිබුණි.

 

පසුව එම අංක 6 අධිකරණයේ මෝසම් නඩු අංක 2 අධිකරණය හමුවේ ඊයේ දහවල් කැඳවා තිබුණි.

views

387 Views

Comments

arrow-up