නවක වෛද්‍යවරුන් 406කට සීමාවාසික පුහුණුව

පසුගියදා උපාධි ලැබූ වෛද්‍යවරුන් 406 දෙනෙකු ලබන 27 වැනිදාට පෙර ඔවුන්ගේ සීමාවාසික පුහුණුව සඳහා රෝහල් 63කට අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
දැනට සීමාවාසික වෛද්‍යවරුන් 694 දෙනෙකු රෝහල්වල පුහුණුව ලබන අතර ඔවුන්ගේ පුහුණු කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිතයි. ඊට සමගාමීව, නව උපාධිධාරී වෛද්‍යවරුන් ඔවුන්ගේ සීමාවාසික පුහුණුව ආරම්භ කිරීම සඳහා මෙම රෝහල්වලට අනුයුක්ත කෙරේ.
මෙරට සෞඛ්‍ය පද්ධතිය වෛද්‍යවරුන් 30,000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. මීට අමතරව පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 222ක් සෞඛ්‍ය අංශයට මෑතකදී බඳවාගෙන ඇත.
නව හෙද හෙදියන් 3316 දෙනෙකු සඳහා කඩිනමින් පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
286 Views
Comments