අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගුරුවරුන්ට ස්ථාන මාරු ගැන නිවේදනයක්

2021 දෙසැම්බර් 31 දිනට ස්ථාන මාරු ලිපි ලැබී ඇති හෝ සේවා කාලය අවසන් කර ඇති සියලුම ගුරුවරුන් මෙම මස 12 වැනිදා වන විට තමන් නියමිත සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ගුරුවරයෙකු අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැමති නම්, ඔවුන් ප්‍රථමයෙන් තමන්ට පැවරී ඇති සේවයට වාර්තා කළ යුතු අතර පසුව විදුහල්පතිවරයා මගින් අභියාචනය අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු අංශය වෙත යොමු කළ හැක.
අභියාචනා තීන්දුව පිළිබඳව කඩිනමින් දැනුම් දෙන බැවින් ගුරුවරුන් අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු අංශයට පෞද්ගලිකව පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කිරීම වැදගත් බව බලධාරීන් කියා සිටී.
298 Views
Comments