කෝටි 7ක කොරෝනා ඇඳුම් ගබඩාව ගිනි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

කෝටි 7ක කොරෝනා ඇඳුම් ගබඩාව ගිනි ගනී

කෝටි 7ක කොරෝනා ඇඳුම් ගබඩාව ගිනි ගනී

පානදුර කිරිබේරිය ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි ගබඩාවක විශාල ගින්නක් හටගෙන ඇති බව හිරණ පොලිසිය පවසයි. ගබඩාවේ COVID-19 සඳහා ආරක්ෂිත ඇඳුම් ඇතුළු විවිධ සෞඛ්‍ය උපකරණ අඩංගු විය. 

 

 

මේ සම්බන්ධයෙන් නිල වාර්තාවක් නිකුත් කර නොමැති නමුත් ගබඩා කර ඇති දේපළවල වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවට ගණන් බලා තිබේ. ගින්න නිවීම සඳහා හොරණ, කළුතර, මොරටුව, දෙහිවල යන නගර සභාවලින් ගිනි නිවීමේ ඒකක කැඳවා තිබිණි.

 

 

කොරොනා ඇඳුම් කට්ටල, මුහුණු ආවරණ, ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඇඳුම් ආදි සෞඛ්‍ය උපකරණ රැසක් ගබඩාවේ ගබඩා කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

 

 

දෙහිවල, කළුතර සහ මොරටුව මහ නගර සභාවල ගිනි නිවන ඒකකවලින් ද සහය ලබා ගත් බව හොරණ මහ නගර සභාවේ යාන්ත්‍රික ගිනි නිවන භට පී.ඩී.අබේපාල මහතා සඳහන් කළේය.

 

 

ගිනි නිවීමේ කටයුතු සඳහා ආසන්න වශයෙන් ජල බවුසර් එකොළහක්, ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයින් තිහකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

 

 

වාසනාවකට මෙන් ගින්න හටගන්නා අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ කිසිවකු නොසිටි අතර ගින්න ඇති වූ ආකාරය පිළිබඳව පොලිසියට දැඩි සැකයක් පවතී.

views

327 Views

Comments

arrow-up