JUN
02
සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය බලපෑ හැකිය.
මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
288 Views
Comments