මෝටර් රථවල මිල ගණන් ඉහළ යයි

වාහන අලෙවිකරුවන්ට අනුව මෙරට පාවිච්චි කරන ලද මෝටර් රථවල මිල යළිත් වරක් ඉහළ යාමට පටන් ගෙන තිබේ. ඉන්ධන මිල අඩුවීම සහ ඩොලරය අවප්‍රමාණය වීම මෙම ඉහළ යාම සඳහා හේතු වී ඇති බව ඔවුහු පවසති.
කෙසේ වෙතත් වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු (සර්විස් කිරීම) ගාස්තු, රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු වලින් මෙතෙක් සහනයක් ජනතාවට ලැබී නොමැති බව වාහන අලෙවිකරුවන් සදහන් කරයි. මෙම පිරිවැය අඩු කිරීම තුළින් ඉදිරියේදී වාහන අලෙවිය ඉහළ යා හැකි බැවින් වැඩි පිරිසකට ඒවා දැරිය හැකි බව ඔවුන් අවධාරණය කරයි.
මේ වන විට වෙළෙදපොළේ අලෙවි වන භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහතින්,
Premio (2017) – ලක්ෂ 130ත් - ලක්ෂ 135ත් අතර
Aqua G (2012) – ලක්ෂ 48 - ලක්ෂ 56ත් අතර
Vezal (2014) – ලක්ෂ 72 - ලක්ෂ 80ත් අතර
Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර
Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර
Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර
X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර
WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර
Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර
Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර
Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර
Alto (2015) – ලක්ෂ 25 / ලක්ෂ 27ත් අතර
245 Views
Comments