අනුරාධපුරය සහ ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ඇරඹෙයි

අනුරාධපුරය සහ ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුරය සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණේ පසුගිය ජනවාරි මාසයේදී ය.
ඉන්දියානු ණය ආධාර යටතේ කිලෝමීටර් 62 කින් යුත් දුරක් අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.
දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ දුම්රිය පැයට කිලෝ මිටර් 100ක වේගයෙන් ධාවනය කිරිමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතය.
270 Views
Comments