විශේෂඥ වෛද්‍යවරුන් ගැන විශේෂ හෙළිදරව්වක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කරන්නේ ඉදිරි වසර දෙක සඳහා ඇස්තමේන්තු කළ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් දැනට රට තුළ සිටින්නේ සියයට 50ක ප්‍රමාණයක් පමණක් බවයි.
අද (29) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසුවේ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැතිවීම නිසා ඔවුන් රට හැර යෑමට හේතුවී ඇති බවය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"2024 සහ 2025 වර්ෂවලට විශේෂඥ වෛද්‍යවරුන් 4,000ක් පමණ අවශ්‍ය වෙයි කියලා තමයි කලින් ඇස්තමේන්තු කරලා තිබුණේ. දැනට අපිට ඉන්නේ ඒකෙන් 50%ක් පමණ."
"හදිසි අනතුරු අංශවලට විශේෂඥ වෛද්‍යවරුන් 30ක් පමණ පුහුණු කරලා පත් කළා. ඒ 30න් 20ක් දැන් රටින් ගිහින්."
"විශ්‍රාම ගැන්වීම අවුරුදු 60ට අඩු කළොත් සියලුම විශේෂඥ වෛද්‍යවරුන් 1,750ක් වගේ පිරිසකට අඩු වෙනවා."
290 Views
Comments