එන්ජිඕ සංවිධානවලට හොඳ කනේ පහරක් දුන් තායි තානාපති
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

එන්ජිඕ සංවිධානවලට හොඳ කනේ පහරක් දුන් තායි තානාපති

එන්ජිඕ සංවිධානවලට හොඳ කනේ පහරක් දුන් තායි තානාපති

තායි රාජා නැවත ගෙනයෑමට අදහසක් නැතැයි කියමින්  තායි තානාපතිවරයා මහනුවරදි කර ඇති ප්‍රකාශය, තායි - ශ්‍රී  ලංකා බෞද්ධ සබඳතාව බිඳදැමිමට උත්සහ කළ එන්ජිඔි සංවිධානවලට දුන්  හොඳ කනේ  පහරක්  යැයි  හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි.

 

දළදා මාලිගාවට තායි රජතුමා පුජාකළ "තායි රාජා" යළි එරටට ගෙන්නා ගන්නැයි මෙරට සිටින අන්‍යාගමික එන්ජිඕ කාන්තාවක් මුල්වි කරන ප්‍රචාරය නිසා මේ සියළු අවුල් ඇතිවි ඇතැයිද  හිටපු දියවඩන නිලමේවරයා සදහන් කළේය.

 

මෙම එන්ජිඕ කල්ලි බෞද්ධ සංස්කෘතියට පහරගහන්න  කරන කුමන්ත්‍රණයන්ට එරෙහිව පියවර ගැනිමට රජයේ අවධානයද  යොමුවිය යුතුව ඇතැයිද හෙතෙම කියාසිටියේය.

 

" තායිලන්ත රජ පවුල මෙන්ම එරට වැසියා දළදා මාලිගාවට දක්වන්නේ අසීමිත ගෞරවයක්.ඒ ගෞරවය නිසාම තමයි දැන් ඉන්න රජතුමාගේ පිය රජතුමා මගේ ඉල්ලීමට තායි රාජා දළදා මාලිගාවට පුජා කළේ.ඒ වගේම දැන් සිටින මහා වජිරලොංකෝර්න් මහ රජු රජවිමට පෙර 1993 ජනවාරි 21 දළදා මාලිගාවට ආවා.එතුමාගේ මුල් බිසව වු ස්වන්සවාලි දේවිය හා දූ කුමරියත් 1989 දි දළදා මාලිගාවට ආවා.⁣ඒ නිසා ඒ රජ පවුල හා දළදා මාලිගාව අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයක්."

 

"අපේ රටට සියම් දේශයෙන් උපසම්පදා ගෙනත් වසර 270ක් වෙනවා.ඊට පෙර පොළොන්නරු යුගයේදි ලංකාවෙන් තායිලන්තයට උපසම්පදාව ගෙනගියා.මේ නිසා අප දෙරට අතර ඇත්තේ කිසිදා බිඳිය නොහැකි සම්බන්ධයක්.මිතුරුකමක්.

 

නමුත් මෑතක සිට තායිලන්තයේ සිටින හා මෙරට  ඇති සමහර  එන්ජිඕ සංවිධාන අපේ මේ සබඳතාව බිඳහෙළන්න නොයෙක් උප්පරවැට්ටි යොදනවා.දෙරටම බෞද්ධ රටවල් නිසා ඔවුන් උත්සහ කරන්නේ බෞද්ධ සංස්කෘතියට පහර ගසන්නයි.⁣මේ තත්ත්වය ගැන තායිලන්ත තානාපතිවරයාට අවබෝධවි තිබිම සතුටට කාරණයක්" යැයිද හිටපු දියවඩන නිලමේවරයා කීය.

 

"කෙසේ වෙතත් පෙරහර සමයේදි හිස ඔසවන එන්ජිඔි සංවිධාන මෙවරද කල් ඇතිවම සුදානම් වුයේ පෙරහර සංස්කෘතියට පහරදීමටයි.ඒ සදහා ඔවුන් මුතුරාජා ගේ ප්‍රශ්නය යොදා ගත්තා.මේ එන්ජිඔි සංවිධාන කියන පදයට නටන්න මේ රටේ බෞද්ධ ජනතාව සුදානම් නැහැ.නමුත් ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා කටයුතු කරන බව පෙනෙනවා.අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්නයත් ඔවුන් සීමාව ඉක්මවා රැගෙන ගියා.ඒ නිසා රටේ නැති ප්‍රශ්න ඇතිවි රටවල් දෙකක් අතරේ අමනාපකමක් ඇතිකිරිමට පවා ඔවුන් උත්සහ කළා යැයිද හිටපු දියවඩන නිලමේවරයා පැවසීය.

 

තවදුරටත් හිතු හිතූ ආකාරයට  බෞද්ධ ආගමට හා සංස්කෘතියට පහර දෙන්න මේ එන්ජිඕ සංවිධානවලට ඉඩ නොදිය යුතුයැයිද ඔහු වැඩිදුරටත් පැවසීය

views

322 Views

Comments

arrow-up