පුරාවස්තු කැණීම් කළ පිරිසකට වැඩ වරදී

තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 55, 60ක් වූ මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රාජාංගණය වැව් ඉස්මත්තේ කොක්මඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ද පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් කැණීම් කිරීම සඳහා උපයෝගී කර ගත් ජෙනරේටරයක්, වෙඩි බෙහෙත්, කුළු ගෙඩි හා පුජා භාණ්ඩ ද පොලිස් හාරයට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 32 35 කා 41 වයස්වල පසුවන මිද්දෙණිය, අලුත් ගම්මානය හා ගිරිබාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කන්තලේ පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
392 Views
Comments