රැකියා සොයා දෙන්න කමිටුවක් පත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

රැකියා සොයා දෙන්න කමිටුවක් පත් කරයි

රැකියා සොයා දෙන්න කමිටුවක් පත් කරයි

ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ට යළි රැකියා සොයාදීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ.

 

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාල කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ. 

 

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම කමිටුවේ සභාපති වන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති, සංචාරක, ප්‍රවාහන, වැවිලි කර්මාන්ත, කර්මාන්ත යන අමාත්‍යාංශවල ලේකම්වරු පත් කර ඇත.

views

297 Views

Comments

arrow-up