දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟයක්

දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කොළඹ මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව ඇති බවයි.

 

 

ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

 

 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

"ජාතික වකුගඩු රෝහල ඇතුළු වකුගඩු රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් නැවතීමේ අවදානමක් සම්බන්ධයෙන් ඖෂධවල අඩුවීමක් තියෙනවා. සමහර ඖෂධ ඇත්තෙම නැහැ ඒ තත්ත්වය යටතේ ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක් මේ වෙනකොට සිද්ධවෙලා තියෙනවා. නැවත මේක නැවතුනාට පස්සේ විකල්පය වෙන්නේ හදිසි මිලදීගැනීම් විතරයි. එතකොට ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ විස්සට තිහට මිලදීගන්න පුළුවන්. දැනටමත් පෞද්ගලික අංශයේ සමහරු ඒවා ගෙනල්ලා ගබඩා කරගෙන ඉන්නවා ද දන්නේ නෑ. හදිසි මිලදීගැනීම්වලට යන්න වෙන්නේම ගොඩක් වෙලාවට මේගොල්ලෝ කියන කාරණය තමයි ඖෂධ නියාමන අධිකාරිය තුල එක ඖෂධයකට සැපයුම් කරුවන් ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි."

 

 

views

213 Views

Comments

arrow-up