නීති විරෝධි සංක්රමණ වැළැක්වීමට වැඩපිළිවෙලක්

ස්ත්රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීති විරෝධි සංක්රමණ වැළැක්වීම සඳහා වෙනම ඒකකයක් ක්රියාත්මක කර මාස තුනකින් ප්රගතිය වාර්තා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
සංචාරක වීසා මත ගොස් පසුව රැකියා වීසා ලබාගෙන සිදු කරනු ලබන වංචනික ක්රියාවන් එම ඒකකය පිහිටුවීමෙන් වැළැක්විය හැකි බව එහිදී පෙන්වාදී ඇත.
2022 නොවැම්බර් මාසයේදී ඕමානයේ සිදුවූ බවට වාර්තා වූ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.
177 Views
Comments