අද රෑ හතට නෙළුම් කුළුණ නිල් පාට වෙයි

ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් අද (02) නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාත්‍රී 7.00 සිට 8.00 දක්වා නෙළුම් කුළුණ නිල් පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
දකුණු ආසියාවේ රටවල ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සහ හදුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර, එය මෙහෙයවනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සත්කාර පර්යේෂණ ආයතනය සහ මැන්චෙස්ටර් හි පිහිටුවා ඇති ඔටිසම් වැඩසටහන හා ඒකාබද්ධවයි.
මෙවර ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ තේමාව වන්නේ පිළිගැනීම, තේරුම් ගැනීම සහ ආදරය කිරීම යන්නයි.
281 Views
Comments