MAR
26
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මිලියන ගණනක පාඩුවක්

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මිලදී ගැනීම සහ ඖෂධ කල් ඉකුත් වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මිලියන 191 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ඇමරිකානු ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායක ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසයි.
ඔහු කියා සිටියේ, 2020/21 විගණන වාර්තාවෙන් මේ බව අනාවරණය වී ඇති බවයි.
ඉන්දීය ණය පහසුකම් යටතේ ලබාගත් ඖෂධ වර්ග 200 කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල දී දිවයිනට ලැබෙමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශය ප්‍රකාශ කර තිබේ.
280 Views
Comments