ලංකාවේ දිග පළල වෙනස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ලංකාවේ දිග පළල වෙනස් වෙයි

ලංකාවේ දිග පළල වෙනස් වෙයි

මිනුම්පති එස්. සිවානනාදරාජා මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ වර්ගඵලය දිග සහ පළල සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තාවක් මාස දෙකක කාලයක් තුළ එළිදැක්වීමට කටයුතු කරන බවයි.

 

ඊට අදාලව සිතියම් ගත කිරීමේ කටයුතු පසුගිය වසරවලදී සිදුකෙරුණු බවද, ඒ අනුව සකස් කළ නව සිතියම් දත්ත අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් නව ගණනය කිරීම සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඉදිකිරීම වැනි සුවිශේෂී තත්ත්වයන් හමුවේ මෙරට වර්ගඵලය, දිග සහ පළල වෙනස් වීම්වලට භාජනය වී ඇද්දැයි එහිදී කරුණු අනාවරණය වන බව සදහන් වේ.

 

උතුරු කෙළවරේ පේදුරුතුඩුවේ සිට දකුණු කෙළවරේ දෙවුන්දර තුඩුව දක්වා ශ්‍රී ලංකාවේ දිග කිලෝමීටර් හාරසිය තිස් දෙකක් පමණ වේ.

 

බටහිර පිහිටි කොළඹ සිට නැගෙනහිර සංගමන් කන්ද තුඩුව දක්වා ශ්‍රී ලංකාවේ පළල කිලෝමීටර් 224 ක් වන අතර, ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65610 ක් වේ. ශ්‍රී ලංකාවට ඇති මුහුදු වෙරළේ දිග කිලෝමීටර් 1700 ක් ඉක්මවන බවද සඳහන් වේ.

views

1628 Views

Comments

arrow-up