මුදල් වංචාවක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසියේ උසස් නිලධාරියකුට එරෙහිව විමර්ශන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

මුදල් වංචාවක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසියේ උසස් නිලධාරියකුට එරෙහිව විමර්ශන

මුදල් වංචාවක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසියේ උසස් නිලධාරියකුට එරෙහිව විමර්ශන

විදේශ දුම්වැටි අලෙවි සැලක ව්‍යාපාරික ස්ථානයක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහු භාරයේ 270,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන, රුපියල්  48,000 පමණ මුදලක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර සෙසු මුදල් යළි ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරුළපන පොලීසියේ පොලිසියේ පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය 09 දින කෙසෙල්වත්ත ප්‍රදේශයට පැමිණි මෙම උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායම මෙම වැටලීම සිදුකර ව්‍යාපාරික ස්ථානයේ කළමනාකරු  සහ ඔහු සතු මුදල්, දුම්වැටි පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් අනතුරුව නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම චෝදනා ගොනුකොට ඔහුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.

එහිදී අදාළ ව්‍යාපාරිකයා සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රුපියල් 270, 000 ක  මුදලින්  48,000 ක ඔහුට ලබා දී ඇති බවට පොලිසිය සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

views

243 Views

Comments

arrow-up