පනාගොඩ හමුදා කඳවුර අසලදී හමුදාවේ ගිනි අවියක් සොරාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

පනාගොඩ හමුදා කඳවුර අසලදී හමුදාවේ ගිනි අවියක් සොරාගැනේ

පනාගොඩ හමුදා කඳවුර අසලදී හමුදාවේ ගිනි අවියක් සොරාගැනේ

යුධ හමුදා මේජර්වරයකුට සමාන ඇදුමකින් සැරසී පැමිණි පුද්ගලයකු විසින් පනාගොඩ යුධ හමුදා කඳවුරට ආසන්න පිටිපන මුර කුටියේ රාජකාරියෙහි නිරතව සිටි සෙබලෙකු අත තිබූ ටී -56 ගිනි අවියක්  උණ්ඩ 30 බැගින් පිරවූ මැගසින් හතරක් සොරා ගෙන ගොස් ඇති බව හෝමාගම පොලිසිය පවසයි.

 

මත්තේගොඩ ඉංජිනේරු බළකා කදවුරේ සිට රාජකාරි කටයුතු සදහා කැදවා තිබූ සෙබලෙකු ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර මූලස්ථානයේ පිටිපන මුර කුටියෙහි රාජකාරි කරමින් සිටින අතරතුර එහි පැමිණි යුද හමුදා මේජර් වර⁣යකුට සමාන ඇදුමකින් සැරසී සිටි අයකු සැරයන් වරයකු පිළිබදව අදාල සෙබලාගෙන් විමසා තිබේ.

 

ඉන්පසුව අදාල සැරයන්වරයාට එම ස්ථානයේ සිටම දුරකතන ඇමතුමක් ද ලබා දී ඇති එම සැකකරු එහි රාජකාරි කටයුතු කරමින් අදාල සෙබලාට රැපියල් දෙසීයක් ලබාදී බුලත් විටක් සහ දුම්වැටියක් රැගෙන එන ලෙස පවසා ඇති බවත්, ගිනි අවිය සහ මැගසින් එම ස්ථානයේ තබා යන ලෙස නියෝග කර ඇති බවත්, සෙබලා විසින් ලබා දුන් කටඋත්තයෙහි සදහන් වන බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

 

මේ සම්බන්ධයෙන් යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

 

හෝමාගම පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කල බව හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙක් සඳහන් කරයි.

views

265 Views

Comments

arrow-up