MAR
05
ලොව විශාලතම මගී ගුවන් යානය අද කටුනායකට පැමිණෙයි

අද අළුයම ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන AIRBUS A-380-800 වර්ගයේ ගුවන් යානය තුන්වන වරටත් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
එමිරේට්ස් ගුවන් සේවය සතු Ek -449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සඳහා අද අළුයම 3.10 ට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
262 Views
Comments