ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානාධිපතිවරුන් ගුටි කෙළියේ

ඊයේ (4) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ රාත්‍රී සේවයේ නිරතව සිටි මෙහෙයුම් ස්ථානාධිපතිවරු දෙදෙනා අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් ස්ථානාධිපතිවරයෙක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
අනෙක් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරි බව ත්‍රිකුණාමලය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.
කිසියම් හේතුවෙක් මත එම දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා අතර ආරවුලක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවත්, එහිදී තරමක තුවාල ලැබූ ස්ථානාධිපතිවරයෙක් තවදුරටත් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් උසස් පොලිස් නිලධාරියකු සඳහන්
කරයි.
රෝහල්ගත ප්‍රතිකාර ලබන ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සමතයකට පත්කිරීමට කැමැත්ත පළකර තිබීම නිසා අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා පොලිස් ඇප මත මුදාහැරි අතර අදාල ස්ථානාධිපතිවරු දෙදෙනා පසුව පොලිසියට කැඳවා විමර්ශනයක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.
247 Views
Comments