ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

2020 වසරේ පෙබරවාරි 24 වන දින ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම පාදක කර ගනිමින්, නිවාස පාදක සාත්තු සේවා තනතුරු සඳහා රැකියා අවස්ථා ඊශ්‍රායල් රාජ්‍ය තුල ශ්‍රී ලාංකිකයින් හට විවර වී තිබේ.
මේ සඳහා අයදුම් කිරීමේදී ඉංග්‍රීසි භාෂා කථන හැකියාව අනිවාර්ය අංගයක් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවෙහි පළ වී ඇති රැකියා දැන්වීම තුළ සඳහන් වී තිබේ.
එසේම බෝ නොවන (දියවැඩියාව, රුධිර පීඩනය වැනි) රෝග සඳහා ප්‍රතිකාර ලබන අයට මේ සඳහා අයදුම් කල නොහැකි බවත්, විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය සම්මුඛ පරීක්ෂණ දිනයේ සිට ඉදිරියට වසර 03 කට වැඩි කාලයක් වලංගුව පැවතිය යුතු බවත්, වැඩි දුරටත් සඳහන් වී තිබේ.
236 Views
Comments