ගැරඬිගල කන්දේ අතරමං වූ 31 දෙනෙකු බේරා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ගැරඬිගල කන්දේ අතරමං වූ 31 දෙනෙකු බේරා ගනී

ගැරඬිගල කන්දේ අතරමං වූ 31 දෙනෙකු බේරා ගනී

අධික වර්ෂාව හා මීදුම හේතුවෙන් නකල්ස් රක්ෂිතයට අයත් ගැරඬිගල කන්ද තරණය කිරීමට ගොස් අතරමං වූ තරුණ තරුණියන් 31 දෙනෙකු බේරාගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.

 

මෙම පිරිස ඊයේ (18) දින ගැරඬිගල කන්ද තරණය කිරීමට පැමිණ තිබූ අතර පසුව ඔවුන් අතරමං වී ඇති බවට උඩුදුම්බර පොලීසියට ලද තොරතුරකට අනුව මෙම පිරිස මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

 

මෙම මුදා ගැනීමේ මෙහෙයුම සඳහා පොලීසිය, වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව තිබුණි.

 

මෙලෙස අතරමං වී තිබුණේ මහනුවර, හෝමාගම, කොළඹ හා ගාල්ල යන ප්‍රදේශවල සිට පැමිණි තරුණ තරුණියන් පිරිසකි.

views

265 Views

Comments

arrow-up