විදේශ රටවලින් ගෙන්වා ගණිකා වෘත්තියේ යොදවලා

විදේශ රටවලින් කාන්තාවන් ගෙන්වා ගණිකා වෘත්තියේ යොදවා ලක්ෂ ගණනින් මුදල් උපයා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊට සම්බන්ධ තිදෙනෙකු ළමා හා කාන්තා කාර්යාංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීය නීති ගත කර ඇතැයි පවසමින් මෙම කාන්තාවන් ගෙන්වා තිබේ.
කෙන්යානු ජාතික කාන්තාවක් විසින් කර තිබූ පැමිණිල්ලක් මත සොයා යන විට වැල්ලවත්ත ප්‍රදේශයේ කුලියට ගත් නිවසක උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් පස් දෙනෙකු සිට හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සති දෙකකට වරක් ඇමරිකානු ඩොලර් 300 බැගින් ගෙවීමේ පදනම මත තමන් ගෙන්වූ බවත්, නමුත් අලෙවි කර ඇත්තේ පැයකට ඩොලර් 120 ක් තරම් ඉහළ මුදලකට බවත් කෙන්යානු ජාතික කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පොරොන්දු වූ පරිදි එම මුදල පවා නොගෙවා මග හැර ඇතැයි ද ගණිකා වෘත්තීය ලංකාවේ නීති ගත කර ඇති බව පැවසූ නිසා එය විශ්වාස කර පැමිණි බව ද කෙන්යානු ජාතික කාන්තාව විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
222 Views
Comments