භාණ්ඩ ඇතුළු බහාලුම් තොගයක් හදිසියේම ඉවත් කිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

භාණ්ඩ ඇතුළු බහාලුම් තොගයක් හදිසියේම ඉවත් කිරීමට පියවර

භාණ්ඩ ඇතුළු බහාලුම් තොගයක් හදිසියේම ඉවත් කිරීමට පියවර

වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලුම් 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස  උපදෙස් ලබාදී ඇත. වසර ගණනාවක් තිස්සේ ආනයනය කර රේගුව විසින් රඳවා ගත් රුපියල් බිලියන 05ක් පමණ වටිනා භාණ්ඩ සහ බහාලුම් තොගයක් වරාය පර්යන්තයේ හා ගුදම් තුළ සිර වී ඇති බවට වරාය අධිකාරිය පසුගිය දා දැනුම් දී තිබුණි.

 

වරාය අධිකාරියට එම බහාලුම් හේතුවෙන් මූල්‍ය වශයෙන් විශාල පාඩුවක් හා පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාල ගැටලුවකට මුහුණ දී ඇති බව වරාය අධිකාරියේ නිලධාරීන් පෙන්වා දී තිබේ. එම භාණ්ඩ හා බහාලුම් අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද ඇති බව වාර්තා වේ.

 

රේගු ආඥා පනතට අනුව කටයුතු කිරීමේදී මෙවැනි ප්‍රමාදයන් සිදුවන බව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇති අතර යල් පැන ගිය රේගු ආඥා පනත සංශෝධනය කර කාර්යක්ෂම නිශ්කාශන ක්‍රියාවලියක් සඳහා ක්‍රියා කළ යුතු බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

 

ඒ අනුව අදාළ භාණ්ඩ ඇතුළු බහාලුම් 88 සතියක් ඇතුළත ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති අතර ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන් රේගුව උපයාගත් මුදල් අය කර ගැනීමට නීතීයෙන්  ඉඩකඩ නොමැති බවයි.

views

219 Views

Comments

arrow-up