අද කාලගුණය

අද (06) දින දිවයිනේ නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල හා හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේ ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිට හැකිය.
තව ද බස්නාහිර සහ සබරගමුව පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.
එසේ ම උදෑසන කාලයේ දී කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
234 Views
Comments