FEB
06
ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ණය ගෙවීමේ සූදානමක් - බංගලාදේශ විදේශ අමාත්‍ය

ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ඇමරිකනු ඩොලර් මිලියන 200ක ණය ගෙවීමේ සූදානම්ක් ඔවුන් සතුව ඇති බව බංගලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොමන් පවසා තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යම් මට්ටමක ස්ථාවර වීමේ යහපත් ප්‍රවණතාවක් දිස්වන බැවින් ණය ගෙවීමේ හැකියාව ඔවුන් සතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2021 වසරේ මැයි මාසයේ දී මුදල් හුවමාරු ගිවිසුමක් හරහා මෙම ණය ප්‍රමාණය ශ්‍රී ලංකාව ලබා ගත් අතර එය නුදුරේ දී ම තම රටට ලැබෙනු ඇතැයි බංගලාදේශ විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
231 Views
Comments