කටු අනෝදා වගාව නගා සිටුවීමට පියවර ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

කටු අනෝදා වගාව නගා සිටුවීමට පියවර ගැනේ

කටු අනෝදා වගාව නගා සිටුවීමට පියවර ගැනේ

කටු අනෝදා යනු මෙරටට විදේශ විනිමය ඉපයීමේ හැකියාවක් ඇති පළතුරකි.

 

කටු අනෝදා අස්වැන්න විදේශ විනිමය ඉපයීමේ අරමුණෙන් අපනයනය කිරීම සඳහා, එම වගාව ආශ්‍රිත යටිතල පහසුකම් නවීකරණ ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම්  සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටී.

 

මෙම කටු අනෝදා වලට නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, චීනය, ඇමරිකාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, හොංකොං, මාලදිවයින වැනි රටවල් ගණනාවකින් විශාල ඉල්ලුමක් පවතී.

 

විදේශ වෙළෙඳපොල ඉලක්ක කර ගනිමින් අලුත්වෙල, වැල්ලවාය හා රිදීමාලියද්ද යන ප්‍රදේශ වල අක්කර 100 ක් සහ අම්පාර ප්‍රදේශයේ අක්කර 100 ක් වශයෙන් අක්කර 200 ක ප්‍රමාණයක් පුරා කටු අනෝදා අලුතින් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කටු අනෝදා වගාවෙන් ගොවීන්ට ලක්ෂ
25 ක පමණ මාසික ආදායමක් ලබා ගත හැකි බව ද සඳහන් වේ.

 

views

234 Views

Comments

arrow-up