වාලම්පුරියක් සමග දෙදෙනෙක් දැලේ

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් රුපියල් කෝටි හයක් පමණ වටිනා වාලම්පුරියක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන හැටන් පොලිසියට භාර දි තිබේ.
හැටන් හා නුවර එළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා, මෙය අලෙවි කිරීමට යාමේ දී යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත හමුදා බුද්ධි අංශයේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් යොදවා වාලම්පුරිය මිලදී ගන්නා මුවාවෙන් සම්බන්ධ වී අත් අඩංගුවට ගන්නා ලදී.
තවද, වාලම්පුරිය ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබු බව වැටලිිම සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේය.
305 Views
Comments