අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

අද කාලගුණය

අද කාලගුණය

අද (20) දිනයේ දී දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල හා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර අද (20) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල හා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

එසේ ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල හා අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකිය.

 

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

 

views

225 Views

Comments

arrow-up