ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ලෙස වී. එස්. පොල්වත්ත මහතා පසුගිය දා පත් විය.
1985 සැප්තැම්බර් 09 වන දින ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආධුනික දුම්රිය නියාමකවරයෙකු ලෙස සේවයට ඵක් වු පොල්වත්ත මහතා ඵම ශ්‍රේණියේ විශේෂ පන්තිය තෙක් උසස්විම් ලැබ දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියට සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකු වශයෙන් ද පත්වීම් ලබා වාණිජ හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තු දෙකෙහිම විවිධ තනතුරු දරමින් වාණිජ උප දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ.
කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන පොල්වත්ත මහතා බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා තිබේ. වසර 37 ක සිය සේවා කාලයක් රාජකාරි ජීවිතය තුළ වෘත්තීය සමිති ගණනාවක නායකත්වය දැරූ අයෙක් ද වේ.
215 Views
Comments