වාහන වල අධික දුම නිසා වඳ භාවයට පත් වන පොලිස් නිලධාරියෝ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

වාහන වල අධික දුම නිසා වඳ භාවයට පත් වන පොලිස් නිලධාරියෝ

වාහන වල අධික දුම නිසා වඳ භාවයට පත් වන පොලිස් නිලධාරියෝ

අධික දුම සහිත වාහන හේතුවෙන් රථ වාහන රාජකාරියේ නිරතවන පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් රෝගාබාධ රැසකට ලක්වන බවත්, මේ හරහා ඔවුන් වඳභාවයට ලක්වීමේ අවධානමක් පවතින බවත්, මෑතකදී සිදුකළ නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ,පාරසරික සහ වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ තාක්ෂණික ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර ම්හත්මිය සඳහන් කළාය.

 

රථවාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන්ට ස්වසන ආබාධ තත්ත්වයන් ද ඉක්මවා ගොස් බෝ නොවන රෝග මෙන්ම, වඳභාවයට ලක් වීමේ අවදානමක් ද බහුලව ඇති බව විශේෂඥ වෛද්‍යවරිය වැඩි දුරටත් කියා සිටී.විශේෂයෙන් මෙහිදී ස්වසන ආබාධ තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත්තේ දුම්පානය කරන පොලිස් නිලධාරීන් බවද ඇය අදහස් දක්වමින් සදහන් කළාය. 

 

අධික මිල හේතුවෙන් වාහන සේවා කටයුතු වාහන හිමියන් විසින් කල් ඇරීම මත වාහනවලින් නැගෙන දුමාරයේ වර්ධනයක් පෙන්නුම් කරන බව මීට පෙර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන ඒකකය විසින් සිය පර්යේෂණ හරහා පසුගියදා සොයා ගෙන තිබුණි. මීට වාහන හිමියන්ගේ නොසැලකිලිමත්භාවයද හේතු වේ.

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තවේ වාහන වායු විමෝචන වැඩසටහන මඟින් සංවිධානය කළ, රථ වාහන පොලිස් නිලධාරීන්ට වායු දූෂණය හා දුම් පරීක්ෂාව පිළිබඳව පැවැත්වූ එක් දින වැඩමුළුවකදී මීට අදාළ කරුණු විශේෂඥ වෛද්‍යවරිය විසින් හෙළි කොට තිබුණි.

 


එසේම රථවාහන රාජකාරි වල නිරත පොලිස් නිලධාරීන් හට දුම සහිත වාහන දුටු විට සෘජුව ක්‍රියාත්මක වීමේ හැකියාවක්ද පවති.

 

අධික දුම සහිත රථ වාහන සම්බන්ධයෙන් සෘජුව ක්‍රියාත්මක වීමට මෙන්ම පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමටද මෙම වැඩසටහන හරහා විශේෂ අවධානය යොමු කොට ඇත.

views

216 Views

Comments

arrow-up