FEB
26
අමාත්‍ය කනක හේරත්ගෙන් සයිබර් ආරක්ෂණ පනතක්

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසන්නේ, සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිත කිරීමේ අවදානම පාලනය කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීම මෙම කෙටුම්පතේ අරමුණ බව කනක හේරත් මහතා කොළඹ පැවැති වැඩමුළුවකට එක්වෙමින් කියා සිටියේය.
ඒ සඳහා ලෝක බැංකුවේ විශේෂඥ සහාය ද ලබා ගැනෙනු ඇත.
216 Views
Comments