අනියම් පෙමක් රත් වී සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරිණියකට පිහි ප්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධරිනියකගේ නිවසට පැමිණ ඇතුළු වූ පුද්ගලයකු ඇයට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබීමේ පුවතක් වාර්තා වේ.
ඇය මේවනවිට රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ පිහිටි මෙම නිලධාරිනියගේ නිවසට ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කලේ තමන් බව පවසමින් ඇය විවාහ වීමට සිටින පුද්ගලයා බව කියන අයෙකු පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිලධාරිනිය තවත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත ඔවුන් අතර දිගින් දිගටම ආරවුල් ඇති වී තිබෙන බවත් අනාවරණය වී තිබේ.
263 Views
Comments