වානවාළුවේ රිය අනතුරකින් දෙදෙනෙක් මරු දකී

දෙකටන රදාවාන මාර්ගයේ වන වානළුවාව ප්‍රදේශයේ යතුරු පැදියක් පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් වෑන් රථයකට යටවීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමේ දී මරණයට පත්වී ඇති බව සඳහන් වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක කාන්තාවක් සහ අවුරුදු 44 ක පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔවුන්ගේ මෘත ශරීර දොම්පේ රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දොම්පේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
210 Views
Comments