පොලිසියට හා ප්‍රාදේශීය ලේකම්ට තර්ජනය කළ වැලි ජාවාරම්කාර මන්ත්‍රී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

පොලිසියට හා ප්‍රාදේශීය ලේකම්ට තර්ජනය කළ වැලි ජාවාරම්කාර මන්ත්‍රී

පොලිසියට හා ප්‍රාදේශීය ලේකම්ට තර්ජනය කළ වැලි ජාවාරම්කාර මන්ත්‍රී

අනවසර වැලි කැණීම් ජාවාරමක් සම්බන්ධව ලැබුණු තොරතුරක් මත මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආන්තිමොටෙයි ගම්මානයේ අදාල ස්ථානය පරික්ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට නානට්ටන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු තර්ජනය කළ පුවතක් වාර්තා වේ.

 

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දේශපාලන බලය හරහා බලපත් නොමැතිව අනවසරයෙන් වැලි ජාවාරම සිදු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටී.

 

මෙම සිදුවීමෙහි වීඩියෝවක් එහි සිටින ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන ඇති බවද සඳහන් වෙයි. මන්නාරම, ඉලුප්පකඩවෙයි පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීම් ජාවාරම අඛණ්ඩව සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළද පොලිසිය ඊට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ද ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින අතර තම ගම්මානයේ සිදු වන වැලි ජාවාරම නවතා දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලීමක් කර සිටී.
 

views

217 Views

Comments

arrow-up