දැවැන්ත වර්ජනයක් ළඟ ළඟම එන බවට වෘත්තීය සමිති අනතුරු අඟවයි

දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කර බව වෘත්තීය සමිති නායකයන් සඳහන් කරති.
ඒ රජය විසින් ක‍්‍රියාත්මක ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිවයි.
මේ සඳහා වරාය, බැංකු, සෞඛ්‍යය, දුම්රිය, ජලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වල වෘත්තීය සමිති හතළිහක් එක්වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ලබන 8 වැනිදාට පෙර වර්ජනය ආරම්භක දිනය හා කාල සීමාව තීරණය කරන බවත්, මෙම වර්ජනය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන නමුත් එය ආරම්භ කරන දිනය අඛණ්ඩ වැඩ වර්ජනයක්ද දින කිහිපයකට සීමා කරන වර්ජනයක්ද යන්න පිළිබඳව තවදුරටත් සාකච්ඡා වෙමින් ඇති බවත් ඔහු කියා සිටී.
ඉකුත් පළමු වැනිදා පැවති වර්ජනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කිරීමට හෝ බිය වැද්දීමට ක්‍රියාකරන නමුත් ඒවාට බිය නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.
237 Views
Comments