පොලිස් වෙසින් පැමිණ සොරකම් කළ දෙදෙනෙක් දැලේ

බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සොරකම් සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් සතුව තිබී හොරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් 24 සහ 36 හැවිරිදි හම්බන්තොට සහ පල්ලෙවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයේ තිබී ජංගම දුරකථන 83ක්, ටැබ් යන්ත්‍ර 04ක් සහ ලැප්ටොප් පරිඝනක 03ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිසිය වෙත භාරදී තිබේ.
213 Views
Comments