ගුරු මාරු ප්‍රශ්නයට විසඳුමක් නොදුන්නොත් යළිත් වර්ජනයේ යෙදෙන බවට ස්ටාලින් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ගුරු මාරු ප්‍රශ්නයට විසඳුමක් නොදුන්නොත් යළිත් වර්ජනයේ යෙදෙන බවට ස්ටාලින් කියයි

ගුරු මාරු ප්‍රශ්නයට විසඳුමක් නොදුන්නොත් යළිත් වර්ජනයේ යෙදෙන බවට ස්ටාලින් කියයි

ලංකා ගුරු සංගමය (CTU), සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය (AIUTU) සහ ඒකාබද්ධ ගුරු සේවා සංගමය (JTSU) ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජාතික පාසල් ගුරු ස්ථාන මාරු මණ්ඩලය විසුරුවා හැරීමට ගත් හදිසි තීරණයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පවසා තිබේ.

 

 

වැඩවර්ජන පසුබිම තුළ පාසල් භාවිතා කරමින් යම් යම් පුද්ගල බලවේග ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ ප්‍රකාශ කළ අතර ගුරු මාරුවීම් නැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලයට බලය ලැබෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටී.  

 

 

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් හෙට (20) දින එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් කැඳවා ඇත. එම රැස්වීමේදී ඒකාබද්ධ තීරණයක් නොගතහොත් ගුරුවරුන් හත්දහසකගේ සහය ඇතිව යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

224 Views

Comments

arrow-up