හෝමාගමදී බස්රථයකට වෙඩි තැබූ දෙදෙනෙක් සොයා පොලිස් විමර්ශන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

හෝමාගමදී බස්රථයකට වෙඩි තැබූ දෙදෙනෙක් සොයා පොලිස් විමර්ශන

හෝමාගමදී බස්රථයකට වෙඩි තැබූ දෙදෙනෙක් සොයා පොලිස් විමර්ශන

හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයකට රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී - 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

 

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ බස් රථය තුළ එහි සේවකයන් සිව් දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද සඳහන් වේ.

 

මෙම බස් රථය තුළ සිටි සේවකයන් සිව්දෙනා ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, පසුව සිදුකල ස්ථානීය පරීක්ෂාවේදී ටී - 56 උණ්ඩ හතරක් ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

views

291 Views

Comments

arrow-up