කොටහේනේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

කොටහේනේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් රෝහලේ

කොටහේනේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් රෝහලේ

කොටහේන පරමානන්ද මාවත ප්‍රදේශයේ දී යතුරු පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ පරමානන්ද මාවතේ පදිංචි හතළිස් හැවිරිදි අයෙක් බව අනාවරණය වී ඇති අතර, ඔහුට අයත් ත්‍රීරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව වාර්තා වේ.

 

වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලැබේ.

views

217 Views

Comments

arrow-up