උතුරු මුහුදේ අයිතිය වෙනුවෙන් මන්නාරමේ ධීවරයින් විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

උතුරු මුහුදේ අයිතිය වෙනුවෙන් මන්නාරමේ ධීවරයින් විරෝධතාවක

උතුරු මුහුදේ අයිතිය වෙනුවෙන් මන්නාරමේ ධීවරයින් විරෝධතාවක

උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයන්ට දින තුනක් සඳහා බදු පදනමට ලබා දීමේ සූදානමක් පවතින බවත්, වහාම එය හකුලා ගන්නා ලෙසට සහ ඉන්දීය ධීවරයන් උතුරු මුහුදට පැමිණීම නතර කරන ලෙසටත් ඉල්ලමින් මන්නාරමේ ධීවරයින්, මන්නාරමේ වෙළෙඳ සංගමය  සහ ආගමික නායකයින් එක්ව දැවැන්ත විරෝධතා පෙළපාළියක් සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

 

විරෝධතාව පැවැති අවස්ථාවේ මන්නාරම් නගරයේ පිහිටි සියලු වෙළෙඳසැල් වසා දමා වෙළෙඳ සංගම් නියෝජිතයන්ද, මන්නාරමේ සියලු ධීවර සමාගම් නියෝජිතයින්ද සහභාගි වූ අතර, මන්නාරම් රදගුරු නිවාසයේ සහය පළකරමින් පියතුමන්ලා රැසක් ද එක්ව සිටි බව වාර්තා වේ.

 

පසුගියදා අමාත්‍යාංශයක් මගින් ඉන්දීය බලධාරීන් සමග උතුරු මුහුදු තීරය දින තුනකට බදු දීමේ සූදානමක් පිළිබඳ සිදුකළ සාකච්ඡාවක් ගැන තොරතුරු ලැබී ඇති බැවින්, එම තීරණය වහාම හකුලාගෙන උතුරු මුහුදු තීරයට එන ඉන්දීය ධීවරයන් වහාම නවතා දමන ලෙසට විරෝධතාවයේ නිරත වූවන් ප්‍රකාශ කර සිටියේය.

 

උතුරේ ධීවරයින්ගේ ජීවනෝපාය කඩාවැටීම, ආර්ථිකය කඩා වැටීම ඇතුළු කිසිදු ගැටලුවකට විසඳුමක් නොමැති අවස්ථාවක, ඉන්දීය ධීවරයන්ට දින තුනක් උතුරු මුහුද ලබා දෙන්නේ නම් උතුරේ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම නතර වන අතර ඉන්දීය ධීවර ගැටළුවට කඩිනමින් විධිමත් විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බව විරෝධතාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

views

248 Views

Comments

arrow-up