සිංහරාජයේ වන අලියෙක් නිසා නෙලුවේ ජනතාව භීතියෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

සිංහරාජයේ වන අලියෙක් නිසා නෙලුවේ ජනතාව භීතියෙන්

සිංහරාජයේ වන අලියෙක් නිසා නෙලුවේ ජනතාව භීතියෙන්

සිංහරාජ වනාන්තරයේ සැරිසරන වන අලියෙකු නෙලුව ප්‍රදේශයේ ගම්මාන වලට පැමිණ සැරිසැරීම නිසා එම ගම්මානවල ජනතාව දැඩි භීතියට පත්ව සිටින බව වාර්තා වේ.

 

උඩවලව වනජීවී නිලධාරීන් විසින් මෙම අලියා සිංහරාජ වනාන්තරය වෙත පලවා හැරීම සඳහා මෙහෙයුමක් ද මේ වන විට ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

 

වන අලියා ගම්වැඩී දැනට දින තුනක් පමණ වන අතර, මීට පෙර කිසි දිනක මෙකී ගම්මානවලට වන අලියකු පැමිණ නැති බව ගම්මු පවසති.

 

 
වන අලියා බැලීම සඳහා යෑමෙන් වලකින ලෙස පොලිසිය විසින් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

 

වන අලියා නෙලුව, කොස්මුල්ල, බටහිර බටුවන්ගල සහ මාදුගැට හරහා පැමිණ හප්පිටිය ගම්මානය මොරගහකන්ද රක්ෂිතයට මේ වන විට ඇතුළු වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

views

217 Views

Comments

arrow-up