මත්පැන් සහ දුම්වැටි මිල ගැන සුබ ආරංචියක්

මෙරට සාමාන්‍ය ජනතාවගේ වියදම් කිරීමේ හැකියාවට දරාගත නොහැකි ආකාරයෙන් මේ වන විට දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
අනෙකුත් භාණ්ඩවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි වෙනුවෙන් රජය මේ වන විට උපරිම බද්දක් අය කරමින් පවතින බව ඔහු පෙන්වා දුන් අතර එබැවින් මත්පැන් සහ දුම්වැටි අලෙවිය සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බදු ඉහළ යාම හමුවේ අඩු ආදායම්ලාභීන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වී ඇති බැවින් මත්පැන් දුම්වැටි මිලදී ගැනීමේ ප්‍රමාණය අඩු වී ඇති බවට අනාවරණ වී තිබේ.
මෙම පිරිස නීත්‍යානුකූල නොවන මත්පැන්වලට යොමුවන්නේ ද යන්න සම්බන්ධයෙන් නව ගැටලුවක් ද මේ වන විට නිර්මාණය වී ඇති බව රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
මෙවැනි තත්ත්වයක් මත මත්පැන් දුම්වැටි බදු තවදුරටත් වැඩි කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහුට පැහැදිළි පිළිතුරක් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ ඉලක්කය වී ඇත්තේ මෙම වසර අවසානය වන විට තනි ඉලක්කමකට උද්ධමනය රැගෙන ඒම වන අතර විපක්ෂ නායකවරයාගේ සමීකරණයට පිළිතුරක් ඉදිරි පාර්ලිමේන්තුවට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
321 Views
Comments