සෞඛ්‍ය ඇමති සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ඇමරිකානු තානාපතිනිය සමග කතාබහක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

සෞඛ්‍ය ඇමති සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ඇමරිකානු තානාපතිනිය සමග කතාබහක

සෞඛ්‍ය ඇමති සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ඇමරිකානු තානාපතිනිය සමග කතාබහක

ඇමෙරිකානු තානාපතිනිය ජූලි චං මහත්මිය සමග මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ අතර වාරයේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වන විට වඩා කාර්යක්ෂම කර ඇති බවයි.

 

ඒ සඳහා වන වැඩපිළිවෙල අදාල ආයතනය තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතින අතර, ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

සම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වෙමින් තිබූ අතර, ඒ සඳහා ගතවන කාලය මේ වන විට අවම තත්ත්වයකට ගෙනැවිත් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය. අනුමැතීන් 18 කට යොමු කර ඇති මෙම අදාල වෘත්තිකයන්ගේ ද අදහස් සමගින් මේ වන විට අඩු කර ඇතැයි මෙහිදී පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගුණාත්මකභාවය ගබඩා පහසුකම් ආශ්‍රිත සුරක්ෂිතභාවය ආදිය පිළිබඳ එහිදී වැඩි සැලකිල්ලක් දක්වන බවයි.

 

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ පිළිබඳ සැලකීමේදී පිළිකා හෘද රෝග හා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරිය හමුවේ මෙහිදී ප්‍රකාශ කර තිබේ.

views

225 Views

Comments

arrow-up