ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන වටිනා තෑග්ග මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන වටිනා තෑග්ග මෙන්න

ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන වටිනා තෑග්ග මෙන්න

ඉන්දීය දූත පිරිසක් ඊයේ (26) දින කොළඹදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇති අතර එහිදී බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල වර්ධනයන් පිළිබඳව ඔහුව දැනුවත් කර තිබේ.

 

 

එහිදී සාකච්ඡාවට ලක් වූ ක්‍රියාමාර්ග වහා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය අදහස් බෙදා ගත් බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත.

 

 

මීට අමතරව සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගෘහස්ථ ඉවුම් පිහුම් පද්ධති 500 ක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට තෑගි වශයෙන් එවීමට නියමිත බවද වාර්තා වේ.

views

270 Views

Comments

arrow-up