අධික වර්ෂාව හේතු‌වෙන් බණ්ඩාරවෙල වතු නිවාස රැසකට හානි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

අධික වර්ෂාව හේතු‌වෙන් බණ්ඩාරවෙල වතු නිවාස රැසකට හානි

අධික වර්ෂාව හේතු‌වෙන් බණ්ඩාරවෙල වතු නිවාස රැසකට හානි

බණ්ඩාරවෙල පූනාගල මකල්දෙණිය ප්‍රදේශයේ ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් ඊයේ රාත්‍රි 8.00 ට පමණ විශාල ජල පහරක් සමග ගල් සහ මඩ සේදී ඒමෙන් එම ප්‍රදේශයේ වතු නිවාස රැසකට හානි සිදු වී ඇත. 

 

 

එම ආපදා තත්ත්වයෙන් වෙළෙඳ සැලක් හා වතු නිවාස 3 ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන් 7 දෙනෙකු කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බැවින් ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහල වෙත යවා ඇත.

 

 

නිවාස අහිමි වූ පුද්ගලයන් 300 ක් පමණ මේ වනවිට පූනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇති බවත් කොස්ලන්ද, ලියන්ගහවෙල හා බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසි මෙන්ම දියතලාව යුධ හමුදා නිළධාරීන්ද ආපදාවට පත් පිරිස් ආරක්ෂිතව රැඳවීමට කටයුතු කරන බවත් ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කර තිබේ.

views

237 Views

Comments

arrow-up