අත්අඩංගුවට පත්වූ සරසවි සිසුන් අද මහර අධිකරණයට 
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

අත්අඩංගුවට පත්වූ සරසවි සිසුන් අද මහර අධිකරණයට 

අත්අඩංගුවට පත්වූ සරසවි සිසුන් අද මහර අධිකරණයට 

ඊයේ රාත්‍රියේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6 දෙනා අද (20) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

 

ශිෂ්‍ය සංවිධාන කැඳවුම්කරු කැලුම් මුදන්නායක හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ යන දෙදෙනා වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් ඔවුන් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත ව තිබේ.

 

ඔවුන් අත්අඩංගුවට ගෙන දින 50 ක් ගත වුවත්, කිසිදු සාධාරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විරෝධතාවයේ නිරත සිසුන් කියා සිටී.

 

විරෝධතාවයේ නිරත  සිසුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට තිබුණි.

views

230 Views

Comments

arrow-up